Pages

Sunday, March 27, 2011

කේක් ගැන නොදන්නා දෙයක්........


අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කියන්න ඕනි කියල හිතුනා..... කවුරුත් කැමතී නේ කේක් කන්න නේද............... ලොකු පොඩි තරුණ මහලු කවුරුත් කැමති නේ කේක්වලට......... කේක් කිවුවම එකම විදිහේ කේක් වර්ග දකින්න ලැබෙන්නේ නැහැ.... විවිධ වර්ගයේ කේක් වර්ග වෙළදපොලේ දකින්නට ලැබුණත් ආසියාතික රටවල් වලට පමණක් සීමා වූ කේක් වර්ග මෙන්ම බටහිර හා යුරෝපීය රටවලට පමණක් සීමා වූ කේක් වර්ගත් දක්නට ලැබෙනවා.......විවිධ වර්ණ, විවීධ රසකාරක හා විවිධ ක්‍රම භාවිත කරමින් සාදන ලද විචිත්‍ර වර්ණයෙන් යුත් කේක් වර්ග වලට වෙළදපොළ තුළ වැඩි ඉල්ලුමක් දකින්නට පුලුවන්.....

අපි මෙච්චර ආසාවෙන් කන්න කැමති කේක් ගැන ඉතිහාසය හා බටහිර රටවල් හා ආසියාතික රටවල්වලට ආවේණික කේක් සාදන ආකාරය ගැන පොඩ්ඩත් හොයල බලන්න ඕනි කියල මට හිතුණා.....

කේක් වලට ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙනවා..... මෙහි සාධක හමුවෙන්නේ ස්විස්ටර්ලන්තයෙන්....සුවිස් විල් ආශ්‍රිත ගම්මාන වල කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් මොවුන් ගොරෝසුවට අඹරාගත් ධාන්‍ය වර්ග පොගවා ගුලිකර රත්වු ගල්මත පුච්චාගත් බවට සොයාගෙන තිබෙනවා.....මේවා පුරාවිද්‍යාඥයන් හදුන්වාදී ඇත්තේ පදම හරි හැටි නැති පාන් ලෙසටයි....යුරෝපයේ දැනට පුලුස්සා සාදාගන්නා සියලුම ආහාරවල ආරම්භයද එයයි...

පුලුස්සා සකස් කරගන්නා ලද ආහාර සම්බන්ධව නියම සාධක හමුවී ඇත්තේ පුරාණ ඊජිප්තුවේ කරන ලද පුරාණ කැනීම් වලින්...... මොවුන් විවිධ වර්ගයේ පාන් වර්ග සාදාගත් බවට සාධක හමුවී ඇත. ඇතැම් පාන් වර්ග පැණි රසයෙන් යුක්ත වූ අතර ඒවා පැණිරස කිරීම සදහා යොදාගෙන ඇත්තේ මී පැණි යොදාගනිමින් බව සොයාගෙන ඇත. රෝමන්වරුන් විසින් චීස් යොදාගනිමින් සකසන ලද කේක් වර්ගයක් ඔවුන්ටම ආවේණික ලෙස සකස් කරනගත් බවටත් මොවුන් පළතුරු කේක් නිපදවීමේ ආරම්භකයා ලෙසත් කියවේ...... 14 වන සියවසේදී යුරෝපීය රටවලද මෙය අතිශය ජනප්‍රිය ආහාරයක් බවට පත්විය..

මොවුන් විශේෂ උත්සව සදහා කේක් නිපදවීය... ඒවා සාදා ගැනීම සදහා පිටි, බටර් , ක්‍රීම්, බිත්තර, සුවද වර්ග , කුලුබඩු, වියළි මිදි හා පැණි යොදාගෙන විශාල වශයෙන් සාදාගනු ලබයි.... බොහෝමයක් මෙම කේක් වර්ග ආහාරයට ගනු ලබන්නේ පැණි රස වයින් සමග හෝ තේ සමගයි....

පුලුස්සා ගන්නා ක්‍රමය හා පදම සකසා ගන්නා ක්‍රමය අනූව ආහාරයට ගන්නා ක්‍රමයද වෙනස් වීම් වලට ලක්වේ.... ඒ ඒ රටවලට ආවේණික භාෂාවලින් නාමයන් ලබාදී ඇත... රෝමයේ දක්නට ඇති පාන් කේක්වලට සමානකමක් දක්වන නිසාම ඒවා කේක් නමින්ම හදුන්වයි....යුරෝපීය රටවල හා උතුරු ඇමරිකාවේ යුරෝපීය බලපෑම් ඇති රටවල්වල මෙම කේක්වලට මූලික ස්ථානයක් ලබාදී තිබුණි.... 
 
ආසියාවේ බටහිර පන්නයට ලැදි කේක් වර්ග වැඩිපුර දක්නට නොලැබෙන අතර ඔවුන්ටම ආවේණික සාම්ප්‍රදායික කේක් වර්ග දක්නට ඇත.... ජපානය තුළ බටහිර පන්නයේ කේක්වලට වඩා ඔවුන්ට අවේනික කප් කේක් විශේෂයකට මුල්තැනක් ලබාදී ඇත. 19 වන සියවස මුල්භාගයේදි ප්‍රංශයේ ධනවත් පවුල්වල තමන්ගේ සෑම ආහාරවේලකටම පසුව ඔවුන්ගේ විශේෂිත රසකැවිල්ලක් වූ ගැටෝ අනුභව කිරීමට පුරුදුව සිටියහ... එය කේක් වලට වඩා පැණිරසයෙන් වැඩි වු අතර සාදාගැනීමේ ක්‍රමයද වෙනස් විය......

19 වැනි සියවසේ මැදභාගය වනවිට නවීන තාක්ෂණයේ දියුණුවත් සමගම බේකරි හිමියන්ගේ ජීවිත වල විශාල වෙනසක් සිදුවිය.... එයට හේතුව වූයේ 1840 දී පිපීම සදහා භාවිත කරන රසායනික ද්‍රව්‍යයක් වන සෝඩියම් බයි කාබනේට් සොයාගැනීමයි... ඒත් සමගම වාගේ බේකින් පවුඩර් හා ඊස්ට් සොයාගැනීම නිසා කේක් සැදීමේ කාර්යය වඩාත් පහසුවිය...අනිත් විශේෂිතම කාර්යය වූයේ නිශ්චිත උෂ්ණත්වයකට පාලනය කළහැකි උදුන් (අවන්) බිහිවීමයි...

වයඹ දිග යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ සාම්ප්‍රදායික ගෘහ උදුන් මේ සමග බිහිවිය... මේ නිසාම විවිධ වට්ටෝරු වලට අනූව සකසන ලද කේක් වර්ග දක්කනට ලැබුණි... 20 සියවසේ මුල්භාගයේදී ගෘහනියන්ගේ කේක් සෑදීමේ කුසලතාවය මැන බැලීම සදහා තරගපවත්වා තැගිද ලබාදෙන්නට විය.. නමුත් 20 සියවසේ මැදවන විට මේ ක්‍රමය වෙනස් විය.. සාම්ප්‍රදායික ගෘහ උදුන් හා අනුභව කිරීමේ ක්‍රමද වෙනස් විය.... බටහිර ලෝකයේ කේක් යනු ඔවුන්ට නැතිවම බැරි දෙයකි... ඔවුන්  
“කේක් ” යන්න හදුන්වා දී ඇත්තේ අන්‍යයන්ට සංහ්‍රහ කිරීමට හා උත්සව සදහා යොදාගන්නා දෙයක් ලෙසටයි....

Tuesday, March 22, 2011

ආදරණිය දෙමාපියන්ට ......





අම්මා, තාත්තා කියන්නේ දරැවෙකුට මේ ලොකේ ඉන්න වටිනාම වස්තු දෙකක්.... දෙමාපියන්ටත් තමන්ගේ දරැවෝ තමයි එකම වස්තුව................එත් දෙමව්පියෝ නැති දරැවෝ... දරැවෝ නැති දෙමව්පියෝ මේ ලෝකේ කොච්චර නම් ඉන්නවද.. කොච්චර දරැවෝ නැතිව වදවිදිනවද... 


ඒත්.....

තමන්ගේ ලෙයින් මසින් හැදුනු දරැවන්ව ඉපදුණු ගමන් මරලදාන අම්මලත් ඉන්න සමාජයක් මේක....ඊයේ රෑ දැක්ක ප්‍රවෘත්තියක් නිසාම මට හිතුනේ දෙවියනේ මෙහෙම අම්මලාත් මේ සමාජේ ඉන්නව නේද කියල...... “ අලුත උපන් බිළිදාට වස පොවා මරාදැමීමට තැත්කළ තරැණ මව අත්අඩංගුවට”……….තමන්ගේ ළමයට මෙහෙම කරන්න පුලුවන් වෙන්න මේ අම්මට කොච්චර දරැණු හිතක් තියෙන්න ඕනිද ?..... ඇයි මෙහෙම කරන්නේ... තමන්ට දරැවෙක් හාදාගන්න බැරිනම් දරැවෝ නැති හදාගන්න කැමති අය කොච්චර මේ රටේ ඉන්නවද ? ඇයි එහෙම කෙනෙකුට දෙන්න බැරි..........

සමහර අම්මලා තමන්ට දරැවෙක් ලැබෙන්න ඉන්නවා කියල දැනගත්ත දවසේ ඉදල කොච්චර පරිස්සම් වෙනවද. කොච්චර බලාපොරොත්තු තියාගන්නවද.... .......දරැවෙකුට තමන්ගේ දෙමාපියෝ තමයි දෙවිවරැ වෙන්නේ.... දරැවෙක් ඉපදුණු දවසේ ඉදලා ආදරය ලබන්නේ තමන්ගේ ආදරණිය දෙමව්පියන්ගෙන්... සමාජෙට හොද පුරවැසියන් බිහිවෙන්නෙත් දෙමාපියන්ගෙන් හොද ආදරයක් ලැබුණු දරැවෙක් විතරමයි....

දරැවෙක් තමන් බලා ඉද්දි ලොකුමහත් වෙලා, ඉගෙනගෙන හොද රස්සවක් කරනව දකිද්දි දෙමාපියෝ කොච්චර නම් සතුටක් ලබනවද?......... වෙලාවකට එයාලා ඒ සතුට පෙන්නන්නේ නැහැ.... නමුත් එයාලා හිත ඇතුලෙන්ම විදිනවා..... නමුත් දෙමාපියෝ නැති දරැවෝ........................ මෙහෙම කියනකොට මට මතක් වෙන්නේ නන්දා මාලනී මහත්මියගේ ගීතයක්...................... “අම්මාවරැ නැති දරැවන්නේ.... සංකා දුක් කවුදෝ දන්නේ.. ඒ දුක දන්නා අම්මා පමණයි... යම් මතු දිනකය බුදුවන්නේ......” 
 
සිංදුව ලස්සනයි තමයි.. ඒත් මේ සිංදුව ඇහෙන දෙමාපියෝ නැති දරැවෝ කොච්චර නම් හිතින් හඩා වැටෙනවා ඇත්ද?... සමහර දරැවන්ට තමන්ගේ දෙමාපියන් වටින්නේ නැ... දෙමාපියන්ට දරැවෝ වටින්නෙ නැ... දැන් සමාජයේ දකින්න ලැබෙන දේවල් තමයි ඔය.... පැරණි සිංහල සමාජෙ දෙමාපියන්ට කොච්චර නම් ගෞරව කළාද?... නමුත් අද.... ඒ තත්වේ ගොඩාක් වෙනස් වෙලා... අවුරැදු 18 ක් 19 උනගමන් තමන්ගේ දෙමාපියෝ අමතක කරල තමයි වැඩකරන්නේ.... කොතනකදි හරි වැරදුනාම විතරක් දෙමාපියෝ මතක් වෙනවා...... නමුත් ඒ වෙනකොට පරක්කු වැඩිවෙන්න පුලුවන්.... එතකොට දුක්වෙලා වැඩක් නැහැ............. අපි මේවා කිවුව කියල ඇති වැඩකුත් නැ.. මොකද මේ සමාජේ තනි මනුස්සයෙකුට විතරක් හදන්න පුලුවන් දෙයක් නෙවෙයි නේ.......... නමුත් මේවා වෙනස් කරන්න උත්සාහ දරන ගොඩක් අය එකතු උනොත් බැරිවෙන එකකුත් නැ වෙනස් කරන්න.....

සමහර දරැවෝ දෙමාපියන්ගෙන් ඇත් උනාම ගොඩක් දුක්විඳිනවා...... නමුත් සමහර දරැවෝ දෙමාපියන්ගේ ලග ඉඳලත් දුක්විඳිනවා.... තමන්ගේ තාත්තා අතින් කෙලෙසන ගැහැණු ලමයි කොච්චර ඉන්නවද........ තාත්තා කෙනෙකුට මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද ?..........මේවා වෙනස් කරන්න නම් මේ සමාජ ක්‍රමේ වෙනස් කරන්න වෙනවා.... ඒකනම් ඉතිං හිතන තරම් ලේසි වෙන්නේ නැ.........

Monday, March 21, 2011

ජීවිතය විඳිම හා විඳවීම



ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක් නේ නේද? එහෙම කියන්නේ මම කියන දෙයක් විතරක් නෙවෙයි.... මේ ලොකේ ඉන්න හැම කෙනෙක්ම කියන දෙයක්... ජීවිතයක් ලැබුණු හැම මනුස්සයෙක්ම සතුටෙන් විනෝදෙන් වගේම දුකෙන් කරදරෙනුත් ජීවත් වෙනවා.... සතුටෙන් ජීවත් වෙන්න වගේම අනික් අයත් එක්ක සතුටින් ඉන්නත් හැමෝම කැමතිනේ....

ඒත්........ජීවිත විදින්නේ නැතුව විදවන අයත් ඉන්නවනේ... ජීවිතය කියන එක හැමවෙලේම ඒකාකාරීව තියෙන්නේ නැහැ... එහෙම තියෙනවා නම් මේ ලෝකේ මීට වඩා ගොඩක් වෙනස් වෙයි.... නමුත් හැම කෙනෙක්ගේම හිතේ බලාපොරොත්තු මහා ගොඩක් තියෙනවා.. ඒ බලාපොරොත්තු එක්ක තමයි මිනිස්සු ජීවත් වෙන්නේ..... ඒවා බිදිල ගියාම ගොඩක් අය ජීවිතේ විදවනවා...... ඒත් අපි හිතන පතන දේවල් ඉෂ්ට වෙන්නේ නැම කියල කියන්නත් බැහැ. ඒවා ඉෂ්ට වෙන වෙලාවලුත් තියෙනවා.... අපි කාලයක් තිස්සේ හිතාගෙන බලාපොරොත්තු තියාගෙන හිටපු දෙයක් ඒ විදිහටම ඉෂ්ට උනාම කොච්චර නම් සතුටක් දැනෙනවද නේද..... ඒත් බලාපොරොත්තු වුන දේවල් නොවුනම මිනිස්සු කොච්චර දරැණු තීරණ ගන්නවද... තමන්ටම බැන ගන්නවා....... සමහර වෙලාවට හැමෝම කියන්නේ "මේක නම් මගේ කරැමේ " කියල.. ඉතිං එහෙම කියුවා කියල හැමදෙයක්ම හරියන්නේ නැනේ ................................  
සමහරැ ප්‍රශ්ණවලට ගොඩක් කල්පනාකාරීව හිතල මුහුණ දෙනවා......... නමුත් සමහරැ ප්‍රශ්නේ එන්නත් කලින් ජීවිතෙන් පරාද වෙලා ඉවරයි.... ජීවිතේ විඳිනවා මිසක් විඳවන්න කවුරැත් කැමති නැනේ නේද ?..... ගොඩක් දෙනෙක් ජීවිතය විඳවන්නේ ප්‍රශ්ණ නිසා... පවුල් ප්‍රශ්ණ, රැකියාවේ ප්‍රශ්ණ, විවාහ ජීවිතේ ප්‍රශ්න... ඉගෙනීමේ ප්‍රශ්න............... ප්‍රශ්ණ කිවුවොත් කෝටියක් උනත් කියන්න පුලුවන්.....

ගොඩක් මිනිස්සු තමන්ට තියෙන ප්‍රශ්ණ පිටට පෙන්නන්නේ නැ........ බොහෝම සතුටෙන් ජීවත් වෙනවා...... එත් මේවා දරාගන්න බැරිඋනාම තමන්ගේ ජීවිතෙත් නැති කරගෙන තමයි නවතින්නේ............. මම කියන්නම් එහෙම ඉන්න ගිහිල්ලා මගේ යාලුවෙකුට උනදෙයක්........ මගේ හොද යාලුවෙක් හිටියා...එයා හරිම දක්ෂයි ඉගෙන ගන්න... උසස්පෙළ ගොඩක් හොදට සමත්වෙලා කැම්පස් යන්න තේරැණා... කැම්පස් යනකල් පාඨමාලාවක් කරන්න ගියා.......... නමුත් මෙයාට ඉංග්‍රිසි දැනුම මදි.. ඉවසීමෙන් හිටිය කාටවත් කියන්නේ නැතිව.. පස්සේ දරාගන්න බැරැව සියදිවි නසාගත්තා............ දැන් එහෙම කලා කියල කාටද ලාභයක් උනේ..... එයාගේ දෙමාපියෝ දැනටත් ගොඩක් දුක්වෙනවා.........

 හැමෝටම ජීවිතේ එකම විදිහට විඳින්න බැනේ නේද.... ඒත් පොඩ්ඩක් හරි හිතන්න වෙනවා තමන්ගේ මේ වටිනා ජීවිතේ ගැන.... සමහර වෙලාවට ජීවිතේ එපා උනාම අපි අපිටම බැනගන්නවා.... නමුත් පස්සේ තමන්ම කල්පනා කරල බලපුවාම තේරෙනවා වැඩකට නැති දේකට නේද කලබල උනේ කියල...... අපිට ආදරේ කරන අය ගැන පොඩ්ඩක් හරි හිතල ජීවත් වෙනවා නම් මිනිස්සු තමන්ගේ ජීවිතේ ගැන ගොඩක් බරපතල තීරණ ගන්න එකක් නැතිවෙයි.... ඒ නිසා මම නම් හිතන්නේ මොන කරදරයක් ආවත් බොහෝම කල්පනාවෙන් බාරගෙන විසඳගන්න ඕනි කියල.... අර කථාවකුත් තියෙන්නේ "නැව ගිලුණත් බෑන් චූන් කියල " අන්න ඒ කථාව විශ්වාස කලාට කාටවත් පාඩුවක් වෙන එකක් නැතිවෙයි........


ඒ නිසා හැමෝම ජීවත් වෙන මේ ටික කාලේ ජීවිතේ උපරිමයෙන් විඳින්න................ විඳවන්න එපා.......

 මම මේ ලියුවේ මගේ හිතට ආපු හිතට දැනුනු දේවල්......... ඔයාල දන්න දේවල් හිත දේවල් මීට වඩා ගොඩක් වෙනස් වෙන්න පුලුවන්... ඒ හැම දෙයක්ම මාත් එක්ක බෙදාගන්න කියල මම ආරාධනා කරනවා. එහෙම ලියන හැමදෙයක්ම මම සතුටින් භාරගන්නවා.......................................................                                                                                                                        

        

Sunday, March 20, 2011

මම

මාත් ඔන්න බ්ලොග් එකක් ලියන්නයි ලැස්ති වෙන්නේ................. හ්ම් මට ඔයාලගෙන් උදව් ඕනි......... හෙට ඉදල මාත් ලියන්නම්. ඒත් කලාත්මක විදිහට නම් ලියන්න බැරි වෙයි............... .