අම්මා, තාත්තා කියන්නේ දරැවෙකුට මේ ලොකේ ඉන්න වටිනාම වස්තු දෙකක්.... දෙමාපියන්ටත් තමන්ගේ දරැවෝ තමයි එකම වස්තුව................එත් දෙමව්පියෝ නැති දරැවෝ... දරැවෝ නැති දෙමව්පියෝ මේ ලෝකේ කොච්චර නම් ඉන්නවද.. කොච්චර දරැවෝ නැතිව වදවිදිනවද...
ඒත්.....
තමන්ගේ ලෙයින් මසින් හැදුනු දරැවන්ව ඉපදුණු ගමන් මරලදාන අම්මලත් ඉන්න සමාජයක් මේක....ඊයේ රෑ දැක්ක ප්‍රවෘත්තියක් නිසාම මට හිතුනේ දෙවියනේ මෙහෙම අම්මලාත් මේ සමාජේ ඉන්නව නේද කියල...... “ අලුත උපන් බිළිදාට වස පොවා මරාදැමීමට තැත්කළ තරැණ මව අත්අඩංගුවට”……….තමන්ගේ ළමයට මෙහෙම කරන්න පුලුවන් වෙන්න මේ අම්මට කොච්චර දරැණු හිතක් තියෙන්න ඕනිද ?..... ඇයි මෙහෙම කරන්නේ... තමන්ට දරැවෙක් හාදාගන්න බැරිනම් දරැවෝ නැති හදාගන්න කැමති අය කොච්චර මේ රටේ ඉන්නවද ? ඇයි එහෙම කෙනෙකුට දෙන්න බැරි..........
සමහර අම්මලා තමන්ට දරැවෙක් ලැබෙන්න ඉන්නවා කියල දැනගත්ත දවසේ ඉදල කොච්චර පරිස්සම් වෙනවද. කොච්චර බලාපොරොත්තු තියාගන්නවද.... .......දරැවෙකුට තමන්ගේ දෙමාපියෝ තමයි දෙවිවරැ වෙන්නේ.... දරැවෙක් ඉපදුණු දවසේ ඉදලා ආදරය ලබන්නේ තමන්ගේ ආදරණිය දෙමව්පියන්ගෙන්... සමාජෙට හොද පුරවැසියන් බිහිවෙන්නෙත් දෙමාපියන්ගෙන් හොද ආදරයක් ලැබුණු දරැවෙක් විතරමයි....
දරැවෙක් තමන් බලා ඉද්දි ලොකුමහත් වෙලා, ඉගෙනගෙන හොද රස්සවක් කරනව දකිද්දි දෙමාපියෝ කොච්චර නම් සතුටක් ලබනවද?......... වෙලාවකට එයාලා ඒ සතුට පෙන්නන්නේ නැහැ.... නමුත් එයාලා හිත ඇතුලෙන්ම විදිනවා..... නමුත් දෙමාපියෝ නැති දරැවෝ........................ මෙහෙම කියනකොට මට මතක් වෙන්නේ නන්දා මාලනී මහත්මියගේ ගීතයක්...................... “අම්මාවරැ නැති දරැවන්නේ.... සංකා දුක් කවුදෝ දන්නේ.. ඒ දුක දන්නා අම්මා පමණයි... යම් මතු දිනකය බුදුවන්නේ......”
සිංදුව ලස්සනයි තමයි.. ඒත් මේ සිංදුව ඇහෙන දෙමාපියෝ නැති දරැවෝ කොච්චර නම් හිතින් හඩා වැටෙනවා ඇත්ද?... සමහර දරැවන්ට තමන්ගේ දෙමාපියන් වටින්නේ නැ... දෙමාපියන්ට දරැවෝ වටින්නෙ නැ... දැන් සමාජයේ දකින්න ලැබෙන දේවල් තමයි ඔය.... පැරණි සිංහල සමාජෙ දෙමාපියන්ට කොච්චර නම් ගෞරව කළාද?... නමුත් අද.... ඒ තත්වේ ගොඩාක් වෙනස් වෙලා... අවුරැදු 18 ක් 19 උනගමන් තමන්ගේ දෙමාපියෝ අමතක කරල තමයි වැඩකරන්නේ.... කොතනකදි හරි වැරදුනාම විතරක් දෙමාපියෝ මතක් වෙනවා...... නමුත් ඒ වෙනකොට පරක්කු වැඩිවෙන්න පුලුවන්.... එතකොට දුක්වෙලා වැඩක් නැහැ............. අපි මේවා කිවුව කියල ඇති වැඩකුත් නැ.. මොකද මේ සමාජේ තනි මනුස්සයෙකුට විතරක් හදන්න පුලුවන් දෙයක් නෙවෙයි නේ.......... නමුත් මේවා වෙනස් කරන්න උත්සාහ දරන ගොඩක් අය එකතු උනොත් බැරිවෙන එකකුත් නැ වෙනස් කරන්න.....
සමහර දරැවෝ දෙමාපියන්ගෙන් ඇත් උනාම ගොඩක් දුක්විඳිනවා...... නමුත් සමහර දරැවෝ දෙමාපියන්ගේ ලග ඉඳලත් දුක්විඳිනවා.... තමන්ගේ තාත්තා අතින් කෙලෙසන ගැහැණු ලමයි කොච්චර ඉන්නවද........ තාත්තා කෙනෙකුට මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද ?..........මේවා වෙනස් කරන්න නම් මේ සමාජ ක්‍රමේ වෙනස් කරන්න වෙනවා.... ඒකනම් ඉතිං හිතන තරම් ලේසි වෙන්නේ නැ.........


//අපි මේවා කිවුව කියල ඇති වැඩකුත් නැ.. මොකද මේ සමාජේ තනි මනුස්සයෙකුට විතරක් හදන්න පුලුවන් දෙයක් නෙවෙයි නේ..........//
ReplyDeleteමෙහෙම හිතන්න එපා සමාජය කියන්නේ තනි පුද්ගලයන් ගණනාවක එකතුවක්. අඩුම වශයෙන් සමාජයේ යහපත උදෙසා අපි තනිවම හෝ දායක වෙනවනම් අපට කිසියම් තෘප්තියක් ලබන්න පුළුවන්නේ.
ඔන්න මාත් කියවන්න පටන් ගත්තා හොදේ. දිගටම ලියමු..
ReplyDeleteජය වේවා!!!!
ගොඩක් ස්තුතියි හොදේ.....
ReplyDelete