Pages

Tuesday, August 16, 2011

පංතියේදී බෙර නොගසමි


ඉස්කෝලේ යන කාලේ කරපු පිස්සු වැඩ මතක් වෙනකොට තාමත් හිනා යනවා........... ඒවා නම් කවදාවත් අමතක කරන්න බැහැ......... මොකද කාගේ උනත් පිස්සු නටන කාලේ වෙන්නේ ඉස්කෝලේ යන කාලේ... කවුරු කොහොම කිවුවත් ඒක තමයි ඇත්ත... ඒත් දැන් ඒ කාලෙට ආයෙත් යන්න බැනේ........ එහෙම යන්න තිබුණා නම් කොච්චර ලොකු දෙයක්ද කියල දැන් තමයි හිතෙන්නේ .. මොකද රස්සාවක් කරන්න ඕනි කියල හිතෙන්නේ නැ මෙච්චර මැරෙන්න ඕනි කියලත් හිතෙන්නේ නැනේ නේද ජීවිතේ අමතක නොවෙන සිද්ධි ගොඩක් රැදිල තියෙන්නේ පාසල් කාලයේ........ ඒ අතීතය අමතක වෙන්න නම් ඉතිං එක්කෝ අතීතය මතක් කරන්න බැරි ලෙඩක් හැදෙන්න ඕනි නැත්තම් ඉතිං මේ ලෝකේ ජීවත් නොවෙන කෙනෙක් වෙන්න ඕනි...................

මේ සිද්ධිය උනෙත් මට මතක විදිහට නම් මම දහයේ පංතියේ විතර ඉන්නකොට..... කොහොම හරි උසස් පෙළ පංතියේ හිටිය අක්කල සෙට් එකක් තමයි මේ සිද්ධියේ ප්‍රධාන චරිත උනේ... සද්ද බද්ද දාගෙන ඉන්න ඔය කාලෙට කවුරුත් කැමතී නේ. මෙයාලත් ඒ විදිහටම සද්ද බද්ද දාගෙන හිටිය...(සද්ද බද්ද කිවුවේ චන්ඩි පාර්ට් නෙවෙයි හොදේ) දවසක් දෙකක් ගියා කියමුකෝ..... ටීචර්ස්ලාත් මුලදි සද්ද නැතිව හිටියට දවසක් දෙකක් යනකොට මේක මහා වදයක් උනා එයාලටත්.... කොහොම හරි ටීචර්ල විතරක් දැනගෙන හිටිය සිද්ධිය ටික දවසකින් ප්‍රින්සිපල්ගේ කනට ගියා... ඒ දවස්වල හිටිය ප්‍රින්සිපල් හරිම සැර කෙනෙක්. කවුරුත් බයයි.. ප්‍රින්සිපල් හිටියේ එයාගේ නිල නිවසේ.. ලමයි ප්‍රින්සිපල්ට කොච්චර බයද කියනවා නම් එයා දවල් කෑමට යන වේලාවට ඉස්කෝලේ මිදුලේ සෙල්ලම් කර කර ඉන්න ලමයි කොහේ අතුරුදහන් වෙනවද කියන්න කවුරුත් දන්නේ නැ....... කැ ගහ ගහ ඉන්න ලමයි කොහෙන් දුවනවද කියල ඒ ලමයිවත් දන්නේ නැතිව ඇති එච්චරට ළමයි ප්‍රින්සිපල්ට බයයි....... කොහොම හරි මේ වැඩේ දැනගත්ත ප්‍රින්සිපල් දවසක් හෙමීට ගියා අර කලින් කිවුව උසස් පෙළ ක්ලාස් එකට. ගිහිල්ල සද්ද නැතිව ටිකක් වෙලා දොර ලගට වෙලා අහගෙන හිටිය...............
ප්‍රින්සිපල් දොර ලග ඉන්නවා කියල නොදැන කට්ටියගේ සාජ්ජේ ඔන්න පටන් ගත්තා............. විනාඩියක් දෙකක් සද්දේ අහගෙන හිටිය ප්‍රින්සිපල් කඩාගෙන පැන්න ක්ලාස් එකට..
මේක ඉස්කෝලයක් කියල දන්නේ නැතුවද කෑගහන්නේ සත්තු වගේ............... එනව එළියට ඔක්කෝමලා...... එන්නයි කිවුවේ මගෙත් එක්ක....

 
 කට්ටිය කිසිම සද්දයක් නැ..... ඔක්කෝමලා බයවෙලා .. මොනා කරන්නද දැන් ඉතිං යන්න එපැයි පස්සෙන්.... ඔන්න දැන් කට්ටිය යනවා පස්සෙන්. ප්‍රින්සිපල්ට හොදටම කේන්ති ගිහිල්ලා.....  වේගෙන් වේගෙන් ගියා නැටුම් කාමරේට........ නැටුම් මිස් එක්ක කථාව.. අක්කලා සෙට් එක කිසිම දෙයක් හිතාගන්න බැරුව බලාගෙන ඉන්නවා.  ප්‍රින්සිපල් ආවා එළියට..
මොකුන්ද එවුන් වගේ බලාගෙන ඉන්නේ . එනවල යන්න මගෙත් එක්ක... කියපු ප්‍රින්සිපල් ආයෙමත් කැගැහුවා. බයවුන කෙල්ලෝ ටික ප්‍රින්සිපල්ගෙ පස්සෙන් ගියා. කොහොම හරි මෙයාල ටික අරන් ගියා ප්‍රධාන ශාලාවේ කොරිඩෝ එකට.
බිම දණ ගහගන්නවා දැන් ඔක්කොමලාම. ඔන්න දැන් පේලියට කට්ටිය දණගහගෙන ලැජ්ජාවෙන් මුණු ටික බිමට හරවගෙන ඉන්නවා....... මෙන්න බොලේ නැටුම් උගන්නන මිස් බෙර ගොඩක් උස්සගෙන එනවා... අපි බැලුවා මේ මොකද කියල. ප්‍රින්සිපල් එතකොටම, 
මිස් දැන් මේ එක් එක්කෙනාගේ කරේ බෙරේ ගානේ එල්ලන්න.. කියල කිවුවා. අනේ ඉතිං නැටුම් මිසුත් ඒක ඒ විදිහටම කලා.. නැත්තම් ඉතිං වැඩ වරදිනව කියල එයා දන්නවනේ..කොහොම හරි ඒ විදහට බෙර එල්ලුවා කියමුකෝ.. දැන් තමයි වැඩේ. පොඩ් පංතිවල ඉන්න පොඩි එවුන් පෝලිමට ගෙන්නලා හරියට කානිවල් එකක් බලනවා වගේ ඔක්කෝටම මේක පෙන්නුවා........... කට්ටිය හිනාවෙවි මේක බලනවා  අපිට නම් පවු කියලත් හිතුනා... අහ් කියන්න බැරි උනානේ එයාලගේ කරේ බෝඩ් එකකුත් එල්ලුවානේ.... ඒකේ,

මින්පසු මම පංතියේදී බෙර නොගසමි.... කියල ලොකුවට ලියල තිබුණා.


Wednesday, June 22, 2011

ශ්‍රි ලාංකේය මුලුතැන්ගෙය..........................

ඔන්න යන්තම් විභාගේ ඉවරයි...... ඒ නිසාම ටිකක් මේ පැත්තට එන්න හිතුනා. අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කියන්නම්....... වෙනස් කියල කිවුවට වෙනස්ම නැහැ......... කවුරුත් දන්නවනේ ලංකාවේ කෑම ගැන නේද. ලංකාවේ කුලුබඩු වර්ග ගැන නම් ගොඩක් අය අහල ඇතිනේ.. අද මම කියන්න යන්නේ ලංකාවේ කුලුබඩු වර්ග ගැනයි ලංකාවේ කැම වර්ග ගැනයි.........

ශ්‍රිලංකාව බොහෝ කලක පටන් කුලුබඩු සදහා ඉතාමත් ප්‍රසිද්ධව පැවති බව නොරහසක්. 15 හා 16 වන සියවස් වල පටන් ලෝකය පුරාම සිටි වෙළදුන් මෙම ඉතා සුවදවත් හා ආහාර රුචිය උපදවන කරදමුංගු, කරාඹු නැටි, සාදික්කා, වසාවාසි හා කුරුදු ලබාගැනීම සදහා මෙහි පැමිණ ඇත. මොවුන්ගෙන් සමහරක් මෙහිම පදිංචි වී ඔවුන්ගේ රටවල කෑම වට්ටෝරු ශ්‍රිලංකාවට හදුන්වාදුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉතාමත් ප්‍රියජනක හා මෘදු, පෝෂ්‍යදායක තත්වයක් දේශිය ආහාර පිළියෙළ කරගැනීමට එකතු කරන ලදි.

මේ අතරම ආහාරය වර්ග පිළියෙල කරගැනීම සදහා ඉංග්‍රීසි හා ලන්දේසි ජාතිකයන්ගේද ආභාෂය අපට ලැබී ඇත.
 ශ්‍රිලංකාවේ ප්‍රධානතම ආහාරය වන්නේ බත් වන අතර ශ්‍රිලාංකිකයන් මේවා සාදාගන්නේ වතුරේ දමා තම්බා හෝ හුමාලයෙන් තම්බාගෙනයි.. බත් ආහාරයට ගනු ලබන්නේ උනුසුම් හෝ කිරියොදා සාදාගත් ව්‍යාංජන සමගයි. ශ්‍රිලංකාවේ ව්‍යංජන මස් හෝ මාලුවලට පමණක් සීමා නොවේ. මේවාට එලවලු වර්ග, ඇට වර්ග හා පළාවර්ගද ඇතුළත් වේ. 
ප්‍රධාන වශයෙන් ලංකාවේ අවේණික කෑම වේලක් සදහා ප්‍රධාන ව්‍යංජනයක් අඩංගු වේ. එයට මාලු හෝ මස් ව්‍යංජනයක්ද එලවලු, පරිප්පු ආදියෙන් සකස් කරගන්නා ලද ව්‍යංජනයක්ද අඩංගු වේ. මීට අමතරව අච්චාරු, චට්නි සහ තරමක් සැර ගතියකින් යුක්ත වූ සම්බෝලයක්ද ආහාර වේල සදහා යොදාගනී. 

මෙය තරමක් සැරට මිරිස් යොදා පොල් සමග මිශ්‍ර කොට සාදාගනු ලබන්නකි. එසේ නොමැති නම් මිරිස් සමග ලූණු හා උම්බලකඩ මිශ්‍ර කොට දෙහියුෂද දමා තලපයක් ලෙස සාදාගනී. එය කට්ට සම්බෝල නැතහොත් ලුණුමිරිස් ලෙසද හදුන්වාදෙනු ලබයි. එයින් ආහාරයට රසයක් මෙන්ම බඩගින්න වැඩිකිරීමටද ඉවහල්වන බව විශ්වාස කරනු ලබයි.
ඉතාමත් සැර අධික සම්බෝල ආහාරයට ගැනීමේදී ඔබගේ මුහුණ රතුවීම හා ඇස්වලින් කදුලු ගැලීමට පටන්ගනී. මේවාට ප්‍රතිචාර දැක්වීම සදහා කිරියොදා පිළියෙළ කරගන්නා ව්‍යාංජන වර්ග භාවිතා කළ හැකිය. මේවා රසයෙන් වැඩි සැර ගතියෙන් අඩු වන අතර ඕනැම කෙනෙකුට රසවිදිය හැකිය.
තවත් ඉතාමත් ප්‍රියජනකම ආහාර වර්ගයක් වන්නේ මැල්ලුම්ය නැතහොත් පළාවර්ගයි.. මේවා සාදාගන්නේ හීනියට ලියාගත් පළා ගාගත් පොග් සමග කපාගත් රතුලූණු හා දෙහි ඇඹුල් සමග මිශ්‍ර කොට මදගින්නේ  තරමක් තැම්බෙන්නට හැරීමෙනි. මෙම මැල්ලුම් සකසා ගැනීමට අවශ්‍ය කරන පළාවර්ග රාශියක් ශ්‍රිලංකාව තුල ඇති අතරම ඒවාට ආවේණික රසයන්ද එකිනෙකට වෙනස්ය.

පොල්කිරි ලංකාවට ආවේණික තවත් එක් ප්‍රධානතම රසකාරකයක් ලෙස හදුනාගත හැකිය. ලාංකීය මුලුතැන්ගෙය තුළ සකස් කරන සෑම ව්‍යංජනයකටම පාහේ අඩු වැඩි වශයෙන් පොල්කිරි යොදාගැනීම සාම්ප්‍රදායික අංගයක් බවට පත්ව ඇත. ව්‍යංජන මෙන්ම වෙනත් රසකැවිලි සදහාද තවත් විටෙක ආහාරයේ සමබර තාවය රැකීම සදහාද ආහාර රුචිය වර්ධනය කිරීම සදහාද පොල්කිරි  යොදාගනු ලබයි.

ලාංකික පුරවැසියන් ඉතාමත් නිදහස් ලෙස කුලුබඩු වර්ග භාවිතා කරන අතර ඒවාට නියමිත ප්‍රමාණයන්ද නැත. පාරම්පරික අරක්කැමියන් ආහාර පිළියෙල කිරීමේදී කුලුබඩු සෑම එකකින්ම (අතට අසුවන ප්‍රමාණයෙන්) කුඩා ප්‍රමාණයක් හෝ දැමීමට පුරුදු වී සිටිති. මේ නිසාම එකම කුලුබඩු යොදා දෙදෙනෙකු විසින් පිළියෙල කරනු ලබන ව්‍යංජනයක් කිසිම විටෙක එකම රසයකින් යුක්ත නොවේ. එහි රහස වන්නේ කුලුබඩු යොදාගන්නා ප්‍රමාණයන්ගේ ඇති වෙනසයි. මෙම වෙනස්කම් පුද්ගලයන්ට පමණක් සීමා නොවන අතර ප්‍රාදේශිය වශයෙන්ද විවිධාකාර වෙනස්කම් වලට භාජනය වී ඇත.
නැගෙනහිර පළාත්වල පිලියෙල කරන මාලු ව්‍යාංජනයක් දකුණු පළාතේ පිලියෙල කරන ව්‍යාංජනයට වඩා බෙහෙවින් වෙනස්ය. එහි රසය හා සාදාගන්නා ක්‍රමයද වෙනස්ය. කෙසේ සකස් කළත් මෙම ව්‍යාංජන ඉතාමත් රසවත්ය.
ශ්‍රි ලංකාව වටා පවතින මුහුදු සීමාව නිසාම බොහෝ වර්ගවල මුහුදු ආහාර වර්ග අදවන විට බෙහෙවින් ජනප්‍රිය වී ඇත. ඉස්සන්, කකුලුවන්, පොකිරිස්සන් හා නොයෙක් වර්ගවලට අයත් මාලුවන් මේ අතර ප්‍රධාන වේ............. ඒ අතරින් තෝරා, බලයා, ගල්මාලු ආදිය ඉතාමත් ජනප්‍රිය වේ. මේ අතරම නොයෙක් ක්‍රම වලට සාදා ගන්නා දැල්ලන්ද ලාංකිකයන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් බවට පත්වී ඇත.


ලාංකිකයන්ට ආවේනික සාම්ප්‍රදායික ආහාර වර්ග මෙන්ම මෑතකදී ලාංකීය මුලුතැන්ගෙයට එක්වූ ආහාර වර්ගද අද වනවිට ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතී.

Sunday, May 29, 2011

... ඉංග්‍රිසි පාඩම හෙවත් නින්දෙන් ඇහැරවීමේ කලාව......


ගොඩක් දවසකින් ලියන්න බැරිඋනා මොකුත්ම..................... යාලුවන්ට මාව අමතකවෙලාද දන්නෙත් නැ..... විභාගයත් අත ලග නිසා මොකුත් ලියන්න හිතට ආවේ නැ පාඩම් වැඩ මිසක්................... මේ ලගදි දවසක ගුණේ අයියගේ ගුණේගේ තිප්පොල කියවද්දි මටත් මතක් උනා ඉස්කෝලේ කාලේ වෙච්ච සිද්ධියක්...................

මේ සිද්ධිය උනේ මම උසස්පෙළ කරන කාලේ.................. උසස් පෙළ පංතිය කියන්නේ ඉතිං පිස්සු නටන කාලයක් නෙවෙයි නේ.. ඒත් ඒ කාලෙදිත් පිස්සු නැටුවේ නැත්තෙමත් නැ............... ඉංග්‍රිසි කියන්නේ උසස්පෙල කරනකොට වැඩිය ගණන් ගන්න විෂයයක් නෙවෙයි නේ.. කොච්චර දක්ෂයෙක් උනත් ඉංග්‍රිසි විෂයට නම් කම්මැලිකමක් පෙන්නනවනේ...

කොහොම හරි අපේ පංතියටත් ඉංග්‍රිසි උගන්නන්න ආවා ටීචර් කෙනෙක් ... මුල්කාලේ ඉදල මෙයා ටිකක් කම්මැලි අපිට උගන්නන්න ... ඒ මිස් ගොඩක් වෙලාවට කරන්නේ පංතියට ඇවිල්ලා අපිට මොනාහරි ලියන්න දිලා නිදිකිරන එක... මේ වැඩේ බලාගෙන ඉදල ළමයි කරන්නේ ලියන එක පැත්තක තියල හිනාවෙන එක........ නින්ද කොච්චර තදයිද කියනවා නම් කොච්චර ලොකු සද්දයක් ඇහුණත් ඒ මිස් නෙවෙයි නැගිටින්නේ...... අපේ ක්ලාස් එකේ ළමයි දවසින් දවස පේළි මාරුකරනවා.. එහෙම කරන්නේ හැමදාම එකම තැන ඉන්න එක වෙනස් කරන්න........ අපේ පංතියේ හිටියා මහා දඟ කෙල්ලෙක්.. එපා කරපු වැඩමයි කරන්නේ... කොහොමහරි මේ වැඩේ උන දවසේ මෙයා හිටියේ ඉස්සරහම පේලියේ .. වෙලාවත් මට මතක විදිහට නම් 12 පහුවෙලාද කොහේද... ගිනි රස්නේ.. කාලාබිලා ලමයි ටිකත් නිදිමතේ ඉන්න වෙලාවක වෙනදා වගේම ඉංග්‍රිසි මිස් පංතියට ආවා ... ඔන්න දැන් මිස් පොත් දිගැරගෙන කියවනවා........... අපිත් නිදිකිර කිර අහගෙන ඉන්නවා...
සුපුරුදු විදිහටම මිස් පොත දීලා ලියන්න කියල නිදි.................. මම අර කලින් කිවුව මගේ යාලුවා ලියන එක පැත්තක තියල මිස් දිහා බලාගෙන ඉන්නවා......
ඒ බන් මොකද උබ ඔය කරන්නේ....... ලියන්නේ නැද්ද කියල මම ඇහුවා.... 

අර බලපන්කෝ අපිට ලියන්න දිලා අරය නිදි...... හිටහන් මම හොද වැඩක් කරන්න  කියල කිවුවාම මම කිවුවා එපා බන් පවුනේ නිදියන්න දීපන් අපි බලාගෙන ඉමු කියල.... කොහේද ඒක ඇහුවේ නැ...
දැන් මමයි අනික් අයයි බලාගෙන ඉන්නවා මෙයා දැන් මොකද කරන්නේ කියල... ටිකවෙලාවක් බලාගෙන හිටියා. ගත්ත වතුර බෝතලේ ඇරගෙන ඩෙස්ක් එකේ අන්තීම කෙලවරේ වැටෙන නොවැටෙන ගානට තිබ්බා... මිස් හොදටම නිදි........... මෙයා අර වතුර බෝතලේට පැනෙන් ඇන්නා....

දඩාං... වතුර බෝතලේ බිම....... මිස් බයවෙලා ගැස්සිලා ඇහැරුණා........ එයා හොයනවා මොකද උනේ කියල......හොදටම බයවෙලා.. ... මට දැන් හිනාව නවත්තගන්න බැ.. අරයා පාඩුවේ වැඩ.. මොකුත් නොවුන ගානට.... දෙකට තුනට නැවිල ඔක්කෝමලා හිනාවෙනවා.... 

 යකෝ හිනාවෙන්න එපා............... මුන් එක්ක මොකුත් කරන්න බැනේ කියල අපිට බැනල මෙයා පාඩුවේ වැඩ. දැන් කොහොමහරි බයවෙලා ඇහැරුණු මිස් ආයෙත් ඔන්න ටික වෙලාවකින් නිදි.. මම කිවුව යාලුවා මිස් නිදාගන්නකල් ඉදල ආයෙත් මේසේ අස්සේ රිංගලා වතුර බෝතලේ ගත්තා.... ආයෙත් අර විදිහටම බෝතලේ ඩෙස්ක් එකේ අන්තීම කෙලවරේ වැටෙන නොවැටෙන ගානට තිබ්බා.... ආයෙම පාරක් ඇන්නා බෝතලේට.... වතුර බෝතලේ බිම........ මිස් කලින් සැරේ වගේම බය වෙලා නැගිට්ටා........... මෙයා දෙතුන් පාරක්ම ඹය වැඩේ කලා .කොහොම හරි වෙලාව ඉවරවෙනකල්ම කලේ ඉංග්‍රිසි පාඩම පැත්තක තියල හිනාඋන එක විතරයි....  



Wednesday, May 4, 2011

නුඹේ සිත හිස් අහසක්...................... Your Heart Is Like an Empty Sky



නුඹේ හිත හිස් අහසක්...............
මගේ හිත කවි දහසක්...
ළං නොවේ අපදෙදෙනා...... කවදාක හෝ සංසාරයේ........................


නුවරඑළි සිසිලයි.................
නුඹේ රිය ඇතුළේ....
අදුරු වීදුරුවෙන්................
ඇතුළ පිට නොපෙනේ...
 මේ අනග රැගුමේ.... අවසනදි මා වේද ගොදුරක්....


නුඹ මට සෙනේ නම්....
 ඇයි ලොවට රහසෙන්....අසම්මත ඇරයුම්......
දෑසෙන් කරන්නේ ..........................
 මේ අනග රැගුමේ.... අවසනදි මා වේද ගොදුරක්....

අහන්න කැමති අයට  http://www.youtube.com/watch?v=6FKFXtRgkg0 
ගායනය :- ශශිකා නිසංසලා

Sunday, April 10, 2011

සුභ නව වසරක් වේවා !..........................

ලබන්නා වූ නව වසර ඔබ සැමට නිරෝගීමත් හා සාමය සතුට සපිරුණු සුබම සුබ නව වසරක්   
වේවා !.......