ගොඩක් දවසකින් ලියන්න බැරිඋනා මොකුත්ම..................... යාලුවන්ට මාව අමතකවෙලාද දන්නෙත් නැ..... විභාගයත් අත ලග නිසා මොකුත් ලියන්න හිතට ආවේ නැ පාඩම් වැඩ මිසක්................... මේ ලගදි දවසක ගුණේ අයියගේ ගුණේගේ තිප්පොල කියවද්දි මටත් මතක් උනා ඉස්කෝලේ කාලේ වෙච්ච සිද්ධියක්...................
මේ සිද්ධිය උනේ මම උසස්පෙළ කරන කාලේ.................. උසස් පෙළ පංතිය කියන්නේ ඉතිං පිස්සු නටන කාලයක් නෙවෙයි නේ.. ඒත් ඒ කාලෙදිත් පිස්සු නැටුවේ නැත්තෙමත් නැ............... ඉංග්‍රිසි කියන්නේ උසස්පෙල කරනකොට වැඩිය ගණන් ගන්න විෂයයක් නෙවෙයි නේ.. කොච්චර දක්ෂයෙක් උනත් ඉංග්‍රිසි විෂයට නම් කම්මැලිකමක් පෙන්නනවනේ...
මේ සිද්ධිය උනේ මම උසස්පෙළ කරන කාලේ.................. උසස් පෙළ පංතිය කියන්නේ ඉතිං පිස්සු නටන කාලයක් නෙවෙයි නේ.. ඒත් ඒ කාලෙදිත් පිස්සු නැටුවේ නැත්තෙමත් නැ............... ඉංග්‍රිසි කියන්නේ උසස්පෙල කරනකොට වැඩිය ගණන් ගන්න විෂයයක් නෙවෙයි නේ.. කොච්චර දක්ෂයෙක් උනත් ඉංග්‍රිසි විෂයට නම් කම්මැලිකමක් පෙන්නනවනේ...
කොහොම හරි අපේ පංතියටත් ඉංග්‍රිසි උගන්නන්න ආවා ටීචර් කෙනෙක් ... මුල්කාලේ ඉදල මෙයා ටිකක් කම්මැලි අපිට උගන්නන්න ... ඒ මිස් ගොඩක් වෙලාවට කරන්නේ පංතියට ඇවිල්ලා අපිට මොනාහරි ලියන්න දිලා නිදිකිරන එක... මේ වැඩේ බලාගෙන ඉදල ළමයි කරන්නේ ලියන එක පැත්තක තියල හිනාවෙන එක........ නින්ද කොච්චර තදයිද කියනවා නම් කොච්චර ලොකු සද්දයක් ඇහුණත් ඒ මිස් නෙවෙයි නැගිටින්නේ...... අපේ ක්ලාස් එකේ ළමයි දවසින් දවස පේළි මාරුකරනවා.. එහෙම කරන්නේ හැමදාම එකම තැන ඉන්න එක වෙනස් කරන්න........ අපේ පංතියේ හිටියා මහා දඟ කෙල්ලෙක්.. එපා කරපු වැඩමයි කරන්නේ... කොහොමහරි මේ වැඩේ උන දවසේ මෙයා හිටියේ ඉස්සරහම පේලියේ .. වෙලාවත් මට මතක විදිහට නම් 12 පහුවෙලාද කොහේද... ගිනි රස්නේ.. කාලාබිලා ලමයි ටිකත් නිදිමතේ ඉන්න වෙලාවක වෙනදා වගේම ඉංග්‍රිසි මිස් පංතියට ආවා ... ඔන්න දැන් මිස් පොත් දිගැරගෙන කියවනවා........... අපිත් නිදිකිර කිර අහගෙන ඉන්නවා...
සුපුරුදු විදිහටම මිස් පොත දීලා ලියන්න කියල නිදි.................. මම අර කලින් කිවුව මගේ යාලුවා ලියන එක පැත්තක තියල මිස් දිහා බලාගෙන ඉන්නවා......
“ ඒ බන් මොකද උබ ඔය කරන්නේ....... ලියන්නේ නැද්ද” කියල මම ඇහුවා....
“අර බලපන්කෝ අපිට ලියන්න දිලා අරය නිදි...... හිටහන් මම හොද වැඩක් කරන්න” කියල කිවුවාම මම කිවුවා එපා බන් පවුනේ නිදියන්න දීපන් අපි බලාගෙන ඉමු කියල.... කොහේද ඒක ඇහුවේ නැ...
දැන් මමයි අනික් අයයි බලාගෙන ඉන්නවා මෙයා දැන් මොකද කරන්නේ කියල... ටිකවෙලාවක් බලාගෙන හිටියා. ගත්ත වතුර බෝතලේ ඇරගෙන ඩෙස්ක් එකේ අන්තීම කෙලවරේ වැටෙන නොවැටෙන ගානට තිබ්බා... මිස් හොදටම නිදි........... මෙයා අර වතුර බෝතලේට පැනෙන් ඇන්නා....
“දඩාං...” වතුර බෝතලේ බිම....... මිස් බයවෙලා ගැස්සිලා ඇහැරුණා........ එයා හොයනවා මොකද උනේ කියල......හොදටම බයවෙලා.. ... මට දැන් හිනාව නවත්තගන්න බැ.. අරයා පාඩුවේ වැඩ.. මොකුත් නොවුන ගානට.... දෙකට තුනට නැවිල ඔක්කෝමලා හිනාවෙනවා....
“යකෝ හිනාවෙන්න එපා............... මුන් එක්ක මොකුත් කරන්න බැනේ ” කියල අපිට බැනල මෙයා පාඩුවේ වැඩ. දැන් කොහොමහරි බයවෙලා ඇහැරුණු මිස් ආයෙත් ඔන්න ටික වෙලාවකින් නිදි.. මම කිවුව යාලුවා මිස් නිදාගන්නකල් ඉදල ආයෙත් මේසේ අස්සේ රිංගලා වතුර බෝතලේ ගත්තා.... ආයෙත් අර විදිහටම බෝතලේ ඩෙස්ක් එකේ අන්තීම කෙලවරේ වැටෙන නොවැටෙන ගානට තිබ්බා.... ආයෙම පාරක් ඇන්නා බෝතලේට.... වතුර බෝතලේ බිම........ මිස් කලින් සැරේ වගේම බය වෙලා නැගිට්ටා........... මෙයා දෙතුන් පාරක්ම ඹය වැඩේ කලා .කොහොම හරි වෙලාව ඉවරවෙනකල්ම කලේ ඉංග්‍රිසි පාඩම පැත්තක තියල හිනාඋන එක විතරයි....
උසස් පෙළ තමයි වැඩියම පිස්සු නටන කාලේ. අනික ජීවිතේ වැඩියම ෆන් ගන්න පුළුවන් කාලෙත් ඒක. ඔය වයසට හැම දෙයකම ලස්සන පැත්ත විතරනේ පේන්නේ. ඉතින් කොයි දේටත් හිනා වෙන්න පුළුවන්. අනික ටිකක් ඉස්කෝලෙන් කලින් තරම් තදින් හොයන්නේ නැති කාලෙනේ.
ReplyDeleteපිස්සියෝ සෙට් එකක් ඉඳල වගේ පේනවා..
අපෝ උසස් පෙළ ඉංග්‍රිසි ගැන නම් මතක් කරන්නවත් හොද නෑ. මට කෙලින්ම එෆ් එකක් තියෙන්නේ. මට නම් ඕක ගැන මෙලෝ ආසාවක් නෑ.
ReplyDeleteඒ උනාට ඉංග්‍රිසි නැතුවත් බෑ.
This comment has been removed by the author.
ReplyDelete(වම් අත්ල වම් කම්මුල මත තබමින්) අනේ! අනේ!!
ReplyDeleteඑලකිරි.....ඔය කඩ්ඩ නම් මහ වාතයක් බං වෙලාවකට....
ReplyDeleteවෙලාවකට??? මට නම් එක්සෑම් චාටර් වෙන්නෙත් ඔය මගුල නිසා
ReplyDeleteහැම කමෙන්ට් එකකටම ගොඩක් ස්තුතියි.................
ReplyDeleteඅපේ ඉංග්‍රීසි ටිච නම් කලේ ෆිරියඩ් ඒක ඉවර වෙනකම් අපේ ගුණ වර්ණනා කරපු එක... අපි හරි හොද ළමයි නෙව.. හික්ස්.. හරිම සුන්දරයි ඒ ජිවිතේ... දිගටම ලියන්න....
ReplyDelete