Pages

Wednesday, June 22, 2011

ශ්‍රි ලාංකේය මුලුතැන්ගෙය..........................

ඔන්න යන්තම් විභාගේ ඉවරයි...... ඒ නිසාම ටිකක් මේ පැත්තට එන්න හිතුනා. අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කියන්නම්....... වෙනස් කියල කිවුවට වෙනස්ම නැහැ......... කවුරුත් දන්නවනේ ලංකාවේ කෑම ගැන නේද. ලංකාවේ කුලුබඩු වර්ග ගැන නම් ගොඩක් අය අහල ඇතිනේ.. අද මම කියන්න යන්නේ ලංකාවේ කුලුබඩු වර්ග ගැනයි ලංකාවේ කැම වර්ග ගැනයි.........

ශ්‍රිලංකාව බොහෝ කලක පටන් කුලුබඩු සදහා ඉතාමත් ප්‍රසිද්ධව පැවති බව නොරහසක්. 15 හා 16 වන සියවස් වල පටන් ලෝකය පුරාම සිටි වෙළදුන් මෙම ඉතා සුවදවත් හා ආහාර රුචිය උපදවන කරදමුංගු, කරාඹු නැටි, සාදික්කා, වසාවාසි හා කුරුදු ලබාගැනීම සදහා මෙහි පැමිණ ඇත. මොවුන්ගෙන් සමහරක් මෙහිම පදිංචි වී ඔවුන්ගේ රටවල කෑම වට්ටෝරු ශ්‍රිලංකාවට හදුන්වාදුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉතාමත් ප්‍රියජනක හා මෘදු, පෝෂ්‍යදායක තත්වයක් දේශිය ආහාර පිළියෙළ කරගැනීමට එකතු කරන ලදි.

මේ අතරම ආහාරය වර්ග පිළියෙල කරගැනීම සදහා ඉංග්‍රීසි හා ලන්දේසි ජාතිකයන්ගේද ආභාෂය අපට ලැබී ඇත.
 ශ්‍රිලංකාවේ ප්‍රධානතම ආහාරය වන්නේ බත් වන අතර ශ්‍රිලාංකිකයන් මේවා සාදාගන්නේ වතුරේ දමා තම්බා හෝ හුමාලයෙන් තම්බාගෙනයි.. බත් ආහාරයට ගනු ලබන්නේ උනුසුම් හෝ කිරියොදා සාදාගත් ව්‍යාංජන සමගයි. ශ්‍රිලංකාවේ ව්‍යංජන මස් හෝ මාලුවලට පමණක් සීමා නොවේ. මේවාට එලවලු වර්ග, ඇට වර්ග හා පළාවර්ගද ඇතුළත් වේ. 
ප්‍රධාන වශයෙන් ලංකාවේ අවේණික කෑම වේලක් සදහා ප්‍රධාන ව්‍යංජනයක් අඩංගු වේ. එයට මාලු හෝ මස් ව්‍යංජනයක්ද එලවලු, පරිප්පු ආදියෙන් සකස් කරගන්නා ලද ව්‍යංජනයක්ද අඩංගු වේ. මීට අමතරව අච්චාරු, චට්නි සහ තරමක් සැර ගතියකින් යුක්ත වූ සම්බෝලයක්ද ආහාර වේල සදහා යොදාගනී. 

මෙය තරමක් සැරට මිරිස් යොදා පොල් සමග මිශ්‍ර කොට සාදාගනු ලබන්නකි. එසේ නොමැති නම් මිරිස් සමග ලූණු හා උම්බලකඩ මිශ්‍ර කොට දෙහියුෂද දමා තලපයක් ලෙස සාදාගනී. එය කට්ට සම්බෝල නැතහොත් ලුණුමිරිස් ලෙසද හදුන්වාදෙනු ලබයි. එයින් ආහාරයට රසයක් මෙන්ම බඩගින්න වැඩිකිරීමටද ඉවහල්වන බව විශ්වාස කරනු ලබයි.
ඉතාමත් සැර අධික සම්බෝල ආහාරයට ගැනීමේදී ඔබගේ මුහුණ රතුවීම හා ඇස්වලින් කදුලු ගැලීමට පටන්ගනී. මේවාට ප්‍රතිචාර දැක්වීම සදහා කිරියොදා පිළියෙළ කරගන්නා ව්‍යාංජන වර්ග භාවිතා කළ හැකිය. මේවා රසයෙන් වැඩි සැර ගතියෙන් අඩු වන අතර ඕනැම කෙනෙකුට රසවිදිය හැකිය.
තවත් ඉතාමත් ප්‍රියජනකම ආහාර වර්ගයක් වන්නේ මැල්ලුම්ය නැතහොත් පළාවර්ගයි.. මේවා සාදාගන්නේ හීනියට ලියාගත් පළා ගාගත් පොග් සමග කපාගත් රතුලූණු හා දෙහි ඇඹුල් සමග මිශ්‍ර කොට මදගින්නේ  තරමක් තැම්බෙන්නට හැරීමෙනි. මෙම මැල්ලුම් සකසා ගැනීමට අවශ්‍ය කරන පළාවර්ග රාශියක් ශ්‍රිලංකාව තුල ඇති අතරම ඒවාට ආවේණික රසයන්ද එකිනෙකට වෙනස්ය.

පොල්කිරි ලංකාවට ආවේණික තවත් එක් ප්‍රධානතම රසකාරකයක් ලෙස හදුනාගත හැකිය. ලාංකීය මුලුතැන්ගෙය තුළ සකස් කරන සෑම ව්‍යංජනයකටම පාහේ අඩු වැඩි වශයෙන් පොල්කිරි යොදාගැනීම සාම්ප්‍රදායික අංගයක් බවට පත්ව ඇත. ව්‍යංජන මෙන්ම වෙනත් රසකැවිලි සදහාද තවත් විටෙක ආහාරයේ සමබර තාවය රැකීම සදහාද ආහාර රුචිය වර්ධනය කිරීම සදහාද පොල්කිරි  යොදාගනු ලබයි.

ලාංකික පුරවැසියන් ඉතාමත් නිදහස් ලෙස කුලුබඩු වර්ග භාවිතා කරන අතර ඒවාට නියමිත ප්‍රමාණයන්ද නැත. පාරම්පරික අරක්කැමියන් ආහාර පිළියෙල කිරීමේදී කුලුබඩු සෑම එකකින්ම (අතට අසුවන ප්‍රමාණයෙන්) කුඩා ප්‍රමාණයක් හෝ දැමීමට පුරුදු වී සිටිති. මේ නිසාම එකම කුලුබඩු යොදා දෙදෙනෙකු විසින් පිළියෙල කරනු ලබන ව්‍යංජනයක් කිසිම විටෙක එකම රසයකින් යුක්ත නොවේ. එහි රහස වන්නේ කුලුබඩු යොදාගන්නා ප්‍රමාණයන්ගේ ඇති වෙනසයි. මෙම වෙනස්කම් පුද්ගලයන්ට පමණක් සීමා නොවන අතර ප්‍රාදේශිය වශයෙන්ද විවිධාකාර වෙනස්කම් වලට භාජනය වී ඇත.
නැගෙනහිර පළාත්වල පිලියෙල කරන මාලු ව්‍යාංජනයක් දකුණු පළාතේ පිලියෙල කරන ව්‍යාංජනයට වඩා බෙහෙවින් වෙනස්ය. එහි රසය හා සාදාගන්නා ක්‍රමයද වෙනස්ය. කෙසේ සකස් කළත් මෙම ව්‍යාංජන ඉතාමත් රසවත්ය.
ශ්‍රි ලංකාව වටා පවතින මුහුදු සීමාව නිසාම බොහෝ වර්ගවල මුහුදු ආහාර වර්ග අදවන විට බෙහෙවින් ජනප්‍රිය වී ඇත. ඉස්සන්, කකුලුවන්, පොකිරිස්සන් හා නොයෙක් වර්ගවලට අයත් මාලුවන් මේ අතර ප්‍රධාන වේ............. ඒ අතරින් තෝරා, බලයා, ගල්මාලු ආදිය ඉතාමත් ජනප්‍රිය වේ. මේ අතරම නොයෙක් ක්‍රම වලට සාදා ගන්නා දැල්ලන්ද ලාංකිකයන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් බවට පත්වී ඇත.


ලාංකිකයන්ට ආවේනික සාම්ප්‍රදායික ආහාර වර්ග මෙන්ම මෑතකදී ලාංකීය මුලුතැන්ගෙයට එක්වූ ආහාර වර්ගද අද වනවිට ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතී.

9 comments:

  1. නියම ලිපියක්. කියවනකොට කටට කෙලත් උනනවා. :) මම නම් බත් වගේම ගොඩක්ම ආස කෑමක් තමයි රොටි කියන්නේ. කට්ට සම්බෝලයකුත් එක්ක රොටි තියෙනවනම් ආයේ වෙන මුකුත් ඕනැන්නේ නෑ.

    ReplyDelete
  2. හප්පා.. කටට කෙලත් ඉනුවා. කෑම ටිකනම් පංකාදුයි. මාත් ගොඩක් ආසයි සම්බෝල වලට.. ම්ම්ම්

    ReplyDelete
  3. @ නචියා ...ඇත්තමයි මගෙත් ප්‍රියතම කෑමක් තමයි සම්බෝල කියන්නේ..
    @ මධුරංග........... හ්ම් හ්ම් ඔව්

    ReplyDelete
  4. ලංකාවේ කුලුබඩු භාවිතය ගැන මං නං හොදින් දන්නවා මොකද මගේ ව්යාපාරය කුලු බඩු නිශ්පාදනය සකස් කිරීම හා බෙදාහැරීම නිසා . අපේ මිනිස්සු පුදුම මිරිස් කෑමක් නෙ කන්නෙ .......... ,

    ඕක ගැන අපේ දුමී තුමා නියම කතා පෙලක් ලියලා තිබ්බෙ..........

    ReplyDelete
  5. "ඉඟුරු දුරු ඈයුතු - මල් ගොමු හා වවා යුතු"

    ReplyDelete
  6. හැම කොමෙන්ට් එකකටම ගොඩක් ස්තුතියි....

    ReplyDelete
  7. උම්බලකඩ සම්බල්.... හප්පේ.... අම්මේ මම අද ගෙද‍ර එනවෝ.....

    ReplyDelete
  8. හප්පේ කටටකෙලත්ඉනුව,කවදකන්නද

    ReplyDelete