Pages

Tuesday, August 16, 2011

පංතියේදී බෙර නොගසමි


ඉස්කෝලේ යන කාලේ කරපු පිස්සු වැඩ මතක් වෙනකොට තාමත් හිනා යනවා........... ඒවා නම් කවදාවත් අමතක කරන්න බැහැ......... මොකද කාගේ උනත් පිස්සු නටන කාලේ වෙන්නේ ඉස්කෝලේ යන කාලේ... කවුරු කොහොම කිවුවත් ඒක තමයි ඇත්ත... ඒත් දැන් ඒ කාලෙට ආයෙත් යන්න බැනේ........ එහෙම යන්න තිබුණා නම් කොච්චර ලොකු දෙයක්ද කියල දැන් තමයි හිතෙන්නේ .. මොකද රස්සාවක් කරන්න ඕනි කියල හිතෙන්නේ නැ මෙච්චර මැරෙන්න ඕනි කියලත් හිතෙන්නේ නැනේ නේද ජීවිතේ අමතක නොවෙන සිද්ධි ගොඩක් රැදිල තියෙන්නේ පාසල් කාලයේ........ ඒ අතීතය අමතක වෙන්න නම් ඉතිං එක්කෝ අතීතය මතක් කරන්න බැරි ලෙඩක් හැදෙන්න ඕනි නැත්තම් ඉතිං මේ ලෝකේ ජීවත් නොවෙන කෙනෙක් වෙන්න ඕනි...................

මේ සිද්ධිය උනෙත් මට මතක විදිහට නම් මම දහයේ පංතියේ විතර ඉන්නකොට..... කොහොම හරි උසස් පෙළ පංතියේ හිටිය අක්කල සෙට් එකක් තමයි මේ සිද්ධියේ ප්‍රධාන චරිත උනේ... සද්ද බද්ද දාගෙන ඉන්න ඔය කාලෙට කවුරුත් කැමතී නේ. මෙයාලත් ඒ විදිහටම සද්ද බද්ද දාගෙන හිටිය...(සද්ද බද්ද කිවුවේ චන්ඩි පාර්ට් නෙවෙයි හොදේ) දවසක් දෙකක් ගියා කියමුකෝ..... ටීචර්ස්ලාත් මුලදි සද්ද නැතිව හිටියට දවසක් දෙකක් යනකොට මේක මහා වදයක් උනා එයාලටත්.... කොහොම හරි ටීචර්ල විතරක් දැනගෙන හිටිය සිද්ධිය ටික දවසකින් ප්‍රින්සිපල්ගේ කනට ගියා... ඒ දවස්වල හිටිය ප්‍රින්සිපල් හරිම සැර කෙනෙක්. කවුරුත් බයයි.. ප්‍රින්සිපල් හිටියේ එයාගේ නිල නිවසේ.. ලමයි ප්‍රින්සිපල්ට කොච්චර බයද කියනවා නම් එයා දවල් කෑමට යන වේලාවට ඉස්කෝලේ මිදුලේ සෙල්ලම් කර කර ඉන්න ලමයි කොහේ අතුරුදහන් වෙනවද කියන්න කවුරුත් දන්නේ නැ....... කැ ගහ ගහ ඉන්න ලමයි කොහෙන් දුවනවද කියල ඒ ලමයිවත් දන්නේ නැතිව ඇති එච්චරට ළමයි ප්‍රින්සිපල්ට බයයි....... කොහොම හරි මේ වැඩේ දැනගත්ත ප්‍රින්සිපල් දවසක් හෙමීට ගියා අර කලින් කිවුව උසස් පෙළ ක්ලාස් එකට. ගිහිල්ල සද්ද නැතිව ටිකක් වෙලා දොර ලගට වෙලා අහගෙන හිටිය...............
ප්‍රින්සිපල් දොර ලග ඉන්නවා කියල නොදැන කට්ටියගේ සාජ්ජේ ඔන්න පටන් ගත්තා............. විනාඩියක් දෙකක් සද්දේ අහගෙන හිටිය ප්‍රින්සිපල් කඩාගෙන පැන්න ක්ලාස් එකට..
මේක ඉස්කෝලයක් කියල දන්නේ නැතුවද කෑගහන්නේ සත්තු වගේ............... එනව එළියට ඔක්කෝමලා...... එන්නයි කිවුවේ මගෙත් එක්ක....

 
 කට්ටිය කිසිම සද්දයක් නැ..... ඔක්කෝමලා බයවෙලා .. මොනා කරන්නද දැන් ඉතිං යන්න එපැයි පස්සෙන්.... ඔන්න දැන් කට්ටිය යනවා පස්සෙන්. ප්‍රින්සිපල්ට හොදටම කේන්ති ගිහිල්ලා.....  වේගෙන් වේගෙන් ගියා නැටුම් කාමරේට........ නැටුම් මිස් එක්ක කථාව.. අක්කලා සෙට් එක කිසිම දෙයක් හිතාගන්න බැරුව බලාගෙන ඉන්නවා.  ප්‍රින්සිපල් ආවා එළියට..
මොකුන්ද එවුන් වගේ බලාගෙන ඉන්නේ . එනවල යන්න මගෙත් එක්ක... කියපු ප්‍රින්සිපල් ආයෙමත් කැගැහුවා. බයවුන කෙල්ලෝ ටික ප්‍රින්සිපල්ගෙ පස්සෙන් ගියා. කොහොම හරි මෙයාල ටික අරන් ගියා ප්‍රධාන ශාලාවේ කොරිඩෝ එකට.
බිම දණ ගහගන්නවා දැන් ඔක්කොමලාම. ඔන්න දැන් පේලියට කට්ටිය දණගහගෙන ලැජ්ජාවෙන් මුණු ටික බිමට හරවගෙන ඉන්නවා....... මෙන්න බොලේ නැටුම් උගන්නන මිස් බෙර ගොඩක් උස්සගෙන එනවා... අපි බැලුවා මේ මොකද කියල. ප්‍රින්සිපල් එතකොටම, 
මිස් දැන් මේ එක් එක්කෙනාගේ කරේ බෙරේ ගානේ එල්ලන්න.. කියල කිවුවා. අනේ ඉතිං නැටුම් මිසුත් ඒක ඒ විදිහටම කලා.. නැත්තම් ඉතිං වැඩ වරදිනව කියල එයා දන්නවනේ..කොහොම හරි ඒ විදහට බෙර එල්ලුවා කියමුකෝ.. දැන් තමයි වැඩේ. පොඩ් පංතිවල ඉන්න පොඩි එවුන් පෝලිමට ගෙන්නලා හරියට කානිවල් එකක් බලනවා වගේ ඔක්කෝටම මේක පෙන්නුවා........... කට්ටිය හිනාවෙවි මේක බලනවා  අපිට නම් පවු කියලත් හිතුනා... අහ් කියන්න බැරි උනානේ එයාලගේ කරේ බෝඩ් එකකුත් එල්ලුවානේ.... ඒකේ,

මින්පසු මම පංතියේදී බෙර නොගසමි.... කියල ලොකුවට ලියල තිබුණා.


10 comments:

  1. අම්මෝ මාර දරුණු ප්‍රින්සිපල් කෙනෙක් නේ.
    දවසක් අපේ ඉස්කෝලෙත් අපි ඔහොම බේ ගගහා ඉදලා අහුවෙලා. සර් කියලා ගියා තමුසෙලා කියන සිංදුවක් හිමිහිට කාටවත් කරදරයක් නැති වෙන්න කියාගන්නවා කියලා !!!!

    ReplyDelete
  2. ගෑනු ලමයි සම්භන්ධව ටිකක් භයානක දඩුවමක් කොල්ලොන්ට නං ඔන්න කමක් නෑ කීවැහිකි , ඔයින් ගියා ඇති

    ReplyDelete
  3. කට්ටියට තිබ්බෙ කරේ එල්ලුව බෙරේ ගහන්න

    ReplyDelete
  4. @ මධු..... ඔව් මල්ලි එයා හරි සැරයි.. හැබැයි ඉතිං එයා හිටිය දවස්වල ඉස්කෝලේ ගොඩක් හොදට තිබුනා... ලමයි එයාට බය නිසාම වැරදි කරනවා අඩුයි............ ඒත ඒකට දැන් ඉස්කෝලේ ගන්න දෙයක් නැ විනාශ වෙලා

    @සමීර ඔව් ටිකක් විතර දරුණුයි තමයි

    @ Dude සමහරු නම් ප්‍රින්සිපල් ගියාට පස්සේ බෙර ගැහුවා.

    ReplyDelete
  5. ලමයින්ගෙ මානව හිමිකම් උල්ලන්ගනය කරා කියල පැමිනිල්ලක් එහෙම දැම්මේ නැත්ද?? :P
    දැන්කාලෙ වුනානම් අනිවා එහෙම හුටපටයකුත් වෙනවා...
    පිස්සුනටලා ගුටි කාපුව.. පස්සෙ කාලෙක මතක් කරනකොට තියෙන්නෙ පුදුම ආතල් එකක් නේද???

    ReplyDelete
  6. අපේ නම් ඉතිං ඔය වගේ දඬුවම් නෑ, වැරැද්දක් කරල අහු උනොත් කන පලනව කෙලින්ම. ඇත්තටම කොයිතරම් සොඳුරු ද ඒ කාලය...

    ReplyDelete
  7. හිකිස්. පාසැල් කාලේ මතක එහෙම තමයි. දැන් මතක් කර සතුටු වන්න කොතරම් දේ ඒකාලේ වෙන්න ඇතිද?
    ආයෙම ලියන්න ගත් එකනම් හොඳ දෙයක්.

    ReplyDelete
  8. @ yasiya...... Aththamai E kale nam godak sundarai

    ReplyDelete
  9. @ ප්‍රියන්තඅයියා....... ස්තුතියි අයියා. සුන්දර අතීතේ ගැන ඉස්සරහටත් ලියන්නම්කෝ ඔයාලගේ හැම කොමෙන්ට් එකකටහ ගොඩාක් ස්තුතියි...

    ReplyDelete
  10. ඔබේ මේ කතාවෙන් මම , මීට වසර විසි දෙකක් එහාට පාවෙලා ගියා , හරිම සුන්දර අතීතයක් , මේ වගේ සිද්ධි බෝමයි .

    ReplyDelete