ඔන්න ඉදල ඉදල ගොඩක් කාලෙකට පස්සේ ආයෙමත් මම ආවා මගේ බ්ලොග් එක පැත්තට. ගොඩක් වැඩ රාජකාරී වැඩි උන හින්දා මේ පැත්තට එන්න බැරිඋනා. මගේ යාලුවෝ ටිකට මාව අමතක වෙලාද දන්නෙත් නැ.... කොහොම හරි ආයෙත් මේ පැත්තට ආවාම ගොඩක් ලොකු සතුටක් දැනුනා ගොඩක් අය ලස්සන ලස්සන දේවල් ලියල තියෙනවා දැක්කම..

අපි ගිය සතියක ගියා සිරීපාදේ... ඔයාල හිතයි මේ කාලේ මොන සිරීපාදේ ගමනක්ද කියල. මොකද මේ කාලේ සිරීපාදේ යන්නේ නැනේ නේද.. සිරිපා අවාරේ අපිත් ගියා සිරීපාදේ... වෙනදේකට නෙවෙයි සිරිපාදේ කාරුණා කරන්න ආපු අය දාල ගිය කුණු අයින් කරන්න..කොහොම හරි මේ පින්වත් කටයුත්තට දායක උනේ අපේ කාර්යාලයේ සේවක මණ්ඩලය හා පාලන අධිකාරිය තමයි.. කොහොම හරි දිනය යොදාගත්තේ මැයි මාසේ 25 වෙනි සිකුරාදා... කට්ටිය ඔක්කෝමලා උදේ පාන්දර එකතු උනේ පින්වත් කටයුත්තට උනත් ඒදේ විනෝද චාරිකාවක් වෙන්න වැඩිවෙලාවක් ගියේ නැ.. මොකද අපිත් එක්ක වැඩකරන හැමකෙනෙක්ම එකිනෙකාට මුණගැහෙන්නේ මොකක් හරි වැඩසටහනකදි විතරයිනේ... මේක හොද අවස්ථාවක් උනා හැමකෙනෙක්ටම. කට්ටිය එකට එකතුවෙලා අපි ගමන පටන් ගත්තේ උදේ 6.30 වෙද්දි... අපි ශ්‍රී පාදය දක්වා ගමන් ගත්තේ හැටන් පාරෙන්... මේ දවස්වල පාර අලුතින් හදන නිසා ටිකක් විතර අමාරුවෙන් තමයි ගියේ. කොහොමහරි අපි එහෙට යනකොට 9.30 ට වගේ ඇති. සීතල ඉන්න බැ.. ජර්සියි ජැකට් දාගෙන හිටියට කිටි කිටි ගාල වෙවුලනවා... වැස්සත් යන්තම් වගේ තියෙද්දි අපි ගමන පටන් ගත්තා... ගමන පටන් ගන්න කලින් අපිට ලැබුනා අත් පලදනායි කුණු එකතු කරන්න පොහොර මලුයි... කට්ටිය දෙකට බෙදිල කණ්ඩායම් දෙකක් විදිහට ගමනට සුදානම් උනා... ගැහැණු අය වෙනමත් පිරිමි අය වෙනමත් කණ්ඩායම් දෙකක් විදිහට ගමන පටන් ගත්තා... අපේ නායකතුමාගේ අවවාදය උනේ දෙවැනි කණ්ඩායම උන අපිට වැඩි දුරක් යන්න එපා කියන එක... මොකද හුලං තද වැඩි හින්දයි වැස්ස වැඩි හින්දයි... සාම චෛත්‍ය ලගින් එහාට අපිට යන්න එපා කියල අවවාද කලා.
ඔන්න දැන් අපි ටික ටික ඉස්සරහට ගියා. අපිට කලින් ගිය පිරිමි කට්ටිය ටිකක් වේගෙ වැඩිකරල ඉස්සරට ගියා.. අපි ටිකක් හෙමින් හෙමින් ගියා.... කොච්චර සීතල උනත් ටිකක් උඩට යනකොට මහන්සිය වැඩි. මග දිගට අහුඋන දේවල් එකතු කර කර ගිහිල්ල සාම චෛත්‍ය ලගින් අපි නතර උනා.... අම්මෝ ටික වෙලාවකට පස්සේ මහා වැස්සක් කඩා පාත් උනා... හොද වෙලාවට අපිට දුවල ගිහිල්ල බේරෙන්න තැනක් තිබුනා.. සාම චෛත්‍ය වටේටම පේර ගස් ඒ ගස්වල බල්බ් දැම්මා වගේ පේර ඉදිල.. අපිට ඉතිං ඕක දැක්කම කරන්න ආපු වැඩේ ටික වෙලාවකට අමතක උනා... වැස්ස පායනකල් ඉදල නැග්ග පේරගහ උඩට නැගල පේර කඩා ගත්තා... ඒ වෙලාවේ ගොඩක් බඩගින්නේ හිටිය නිසා කීයක් කෑවද කියල නම් මතක නැ. අපේ කණ්ඩායමේ 7 ක් 8 ක් වගේ හිටිය.. සේරමල කරන්න ආපු වැඩේ කරන ගමන් පේර කඩන එකත් අමතක කලේ නැ. කොහොමහරි ටික වෙලාවක් යනකොට අයෙත් වැස්සක් ආව නිසා කර කර හිටිය වැඩේ නවත්තල විහාර ගේ ඇතුළට දුවගෙන එන්න උනා. 12.30 වගේ මහා ඝාන්ඨාර හඩක් ඇහිල අපි හැමෝම කර කර හිටිය වැඩේ පොඩ්ඩකට නැවැත්තුවා. පස්සෙයි මතක් උනේ දැනට ටික කාලෙකට කලින් කිලෝ 2500 ක් බර ඝාන්ඨාරයක් සිරිපා මුදුනේ හයිකලා කියල...
පහල ඉදල බලනකොට නම් සිරිපාදේ පොඩ්ඩක්වත් පේනනේ නැ... ඒ තරමටම මීදුමෙන් වැහිල. ඒත් හරිම ආසයි උඩට යන්න.. ඒත් ඉතිං යන්න බයයිනේ..අපේ සර්ලා ටිකනම් සිරිපා පද්මෙටම ගිහිල්ලා ආවා... අපිට පින්තූර පෙන්වුවා ගහගෙන ඇවිල්ල. ඒවා දැක්කම නම් ගොඩක් ආස හිතුනා... කොහොමහරි අපි පහලට බැහැල එනකොට කුණු එකතුකරගන්න ප්‍රාදේශිය සභාවේ ට්‍රැක්ටරයක් එවල තිබුනා.. ඒකට ගෙනාපු කුණු ටික දාලා පහලට එනකොට දවල් 2.30ට වගේ ඇති. ඇවිල්ලා දවල්ට කාල නැවතිල ඉන්න තැනට එනකොට රෑ 9.30 යි.... එදානම් කවදාවත් අමතක වෙන්නේ නැති දවසක්... හැමෝම ගොඩාක් විනෝද උනා වගේම ගිය වැඩෙත් සාර්ථකව කරල තිබුණා...
කුණුවැඩිපුර තියෙන්නෙ උඩටයන්නනෙ,ඔහොමයන්නනම් ආසයි,එකපාරක් හිතින්ගියා (ජැක්සන්ඇන්තනිගේ ලිපියක්හරහා)අදදෙවෙනි පාරත්ගියා ඔන්න..
ReplyDeleteඔව් වැඩිපුරම කුණු තිබුනේ උඩ තමයි... ඒත් අපිට උඩට යන්න දුන්නැ
Deleteමමත් මීට අවුරුදු දෙකකට විතර කලින් අවාරේ සිරිපා ගියා. හැටන් පාරෙන් නැගලා රත්නපුර පාරෙන් බැස්සා. ජීවිතේට අමතක නොවන චාරිකාවක්. ඔයගොල්ලෝ කරපු වැඩේ නම් හරිම වටිනවා. මමත් ආසාවෙන් ඉන්නවා ඒවගේ උතුම් කටයුත්තකට දායක වෙන්න. සුබ පැතුම්!
ReplyDeleteස්තුතියි.......... මේ දවස්වල නම් හුලග වැඩී.... යන්න ඕනි හුගක් පරිස්සම්න්
Deleteහොද කටයුත්තක්.
ReplyDeleteඅපේ කැම්පස් එකේ කණ්ඩායමකුත් හැම අවුරුද්දකම වගේ මේ කර්තව්‍යය කරනවා. වන්දනා කරන අය පරිසරය ගැනත් හිතනවා නම් කොච්චර දෙයක් ද ?
ප.ලි. - කාලෙකට පස්සේ යන්තන් පෝස්ට් එකක් ලියලා. මොකෑ පහුගිය ටිකේ උනේ ?
වැඩ වැඩි උනා මල්ලි .... මේ පැත්තට එන්න බැරි උනා.....
Delete