අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කියන්න ඕනි කියල හිතුනා..... කවුරුත් කැමතී නේ කේක් කන්න නේද............... ලොකු පොඩි තරුණ මහලු කවුරුත් කැමති නේ කේක්වලට......... කේක් කිවුවම එකම විදිහේ කේක් වර්ග දකින්න ලැබෙන්නේ නැහැ.... විවිධ වර්ගයේ කේක් වර්ග වෙළදපොලේ දකින්නට ලැබුණත් ආසියාතික රටවල් වලට පමණක් සීමා වූ කේක් වර්ග මෙන්ම බටහිර හා යුරෝපීය රටවලට පමණක් සීමා වූ කේක් වර්ගත් දක්නට ලැබෙනවා.......විවිධ වර්ණ, විවීධ රසකාරක හා විවිධ ක්‍රම භාවිත කරමින් සාදන ලද විචිත්‍ර වර්ණයෙන් යුත් කේක් වර්ග වලට වෙළදපොළ තුළ වැඩි ඉල්ලුමක් දකින්නට පුලුවන්.....අපි මෙච්චර ආසාවෙන් කන්න කැමති කේක් ගැන ඉතිහාසය හා බටහිර රටවල් හා ආසියාතික රටවල්වලට ආවේණික කේක් සාදන ආකාරය ගැන පොඩ්ඩත් හොයල බලන්න ඕනි කියල මට හිතුණා.....
කේක් වලට ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙනවා..... මෙහි සාධක හමුවෙන්නේ ස්විස්ටර්ලන්තයෙන්....සුවිස් විල් ආශ්‍රිත ගම්මාන වල කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් මොවුන් ගොරෝසුවට අඹරාගත් ධාන්‍ය වර්ග පොගවා ගුලිකර රත්වු ගල්මත පුච්චාගත් බවට සොයාගෙන තිබෙනවා.....මේවා පුරාවිද්‍යාඥයන් හදුන්වාදී ඇත්තේ පදම හරි හැටි නැති පාන් ලෙසටයි....යුරෝපයේ දැනට පුලුස්සා සාදාගන්නා සියලුම ආහාරවල ආරම්භයද එයයි...
මොවුන් විශේෂ උත්සව සදහා කේක් නිපදවීය... ඒවා සාදා ගැනීම සදහා පිටි, බටර් , ක්‍රීම්, බිත්තර, සුවද වර්ග , කුලුබඩු, වියළි මිදි හා පැණි යොදාගෙන විශාල වශයෙන් සාදාගනු ලබයි.... බොහෝමයක් මෙම කේක් වර්ග ආහාරයට ගනු ලබන්නේ පැණි රස වයින් සමග හෝ තේ සමගයි....
ආසියාවේ බටහිර පන්නයට ලැදි කේක් වර්ග වැඩිපුර දක්නට නොලැබෙන අතර ඔවුන්ටම ආවේණික සාම්ප්‍රදායික කේක් වර්ග දක්නට ඇත.... ජපානය තුළ බටහිර පන්නයේ කේක්වලට වඩා ඔවුන්ට අවේනික කප් කේක් විශේෂයකට මුල්තැනක් ලබාදී ඇත. 19 වන සියවස මුල්භාගයේදි ප්‍රංශයේ ධනවත් පවුල්වල තමන්ගේ සෑම ආහාරවේලකටම පසුව ඔවුන්ගේ විශේෂිත රසකැවිල්ලක් වූ ගැටෝ අනුභව කිරීමට පුරුදුව සිටියහ... එය කේක් වලට වඩා පැණිරසයෙන් වැඩි වු අතර සාදාගැනීමේ ක්‍රමයද වෙනස් විය......
19 වැනි සියවසේ මැදභාගය වනවිට නවීන තාක්ෂණයේ දියුණුවත් සමගම බේකරි හිමියන්ගේ ජීවිත වල විශාල වෙනසක් සිදුවිය.... එයට හේතුව වූයේ 1840 දී පිපීම සදහා භාවිත කරන රසායනික ද්‍රව්‍යයක් වන සෝඩියම් බයි කාබනේට් සොයාගැනීමයි... ඒත් සමගම වාගේ බේකින් පවුඩර් හා ඊස්ට් සොයාගැනීම නිසා කේක් සැදීමේ කාර්යය වඩාත් පහසුවිය...අනිත් විශේෂිතම කාර්යය වූයේ නිශ්චිත උෂ්ණත්වයකට පාලනය කළහැකි උදුන් (අවන්) බිහිවීමයි...
19 වැනි සියවසේ මැදභාගය වනවිට නවීන තාක්ෂණයේ දියුණුවත් සමගම බේකරි හිමියන්ගේ ජීවිත වල විශාල වෙනසක් සිදුවිය.... එයට හේතුව වූයේ 1840 දී පිපීම සදහා භාවිත කරන රසායනික ද්‍රව්‍යයක් වන සෝඩියම් බයි කාබනේට් සොයාගැනීමයි... ඒත් සමගම වාගේ බේකින් පවුඩර් හා ඊස්ට් සොයාගැනීම නිසා කේක් සැදීමේ කාර්යය වඩාත් පහසුවිය...අනිත් විශේෂිතම කාර්යය වූයේ නිශ්චිත උෂ්ණත්වයකට පාලනය කළහැකි උදුන් (අවන්) බිහිවීමයි...

වයඹ දිග යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ සාම්ප්‍රදායික ගෘහ උදුන් මේ සමග බිහිවිය... මේ නිසාම විවිධ වට්ටෝරු වලට අනූව සකසන ලද කේක් වර්ග දක්කනට ලැබුණි... 20 සියවසේ මුල්භාගයේදී ගෘහනියන්ගේ කේක් සෑදීමේ කුසලතාවය මැන බැලීම සදහා තරගපවත්වා තැගිද ලබාදෙන්නට විය.. නමුත් 20 සියවසේ මැදවන විට මේ ක්‍රමය වෙනස් විය.. සාම්ප්‍රදායික ගෘහ උදුන් හා අනුභව කිරීමේ ක්‍රමද වෙනස් විය.... බටහිර ලෝකයේ කේක් යනු ඔවුන්ට නැතිවම බැරි දෙයකි... ඔවුන්
“කේක් ” යන්න හදුන්වා දී ඇත්තේ අන්‍යයන්ට සංහ්‍රහ කිරීමට හා උත්සව සදහා යොදාගන්නා දෙයක් ලෙසටයි....



කේක් ගැන මෙච්චර දේවල් තියනවද කියන්න. ගොඩක් තොරතුරු දැන්ගත්තා. වැදගත් පෝස්ට් එකක්..
ReplyDeleteහ්ම් ඔව්..... කේක් වගේම රසවත් මේ තොරතුරැ මට නම්.. ස්තුතියි අයියා
ReplyDeleteපෝස්ට් එකෙන් විතරක් බෑ..දැන් කවද්ද මේවා හදලා දෙන්නෙ අපිට
ReplyDeleteඅනාගතේදි බලමුකෝ............
ReplyDeleteකටට කෙලත් ඉනුවා මේ පෝස්ට් එක දකලා !!!!!
ReplyDeleteඅපි බැලුවම කන්න විතරනේ දැනගෙන තියෙන්නේ... වැදගත් පෝස්ට් එකක්..
ReplyDeleteහොද වෙලාවට එදා පාන් ගෙඩ්යේ පදම වැරදුනේ. නැත්නම් අපි අද කේක් කාලා හමාරයි. :D
ReplyDelete