Pages

Monday, March 21, 2011

ජීවිතය විඳිම හා විඳවීම



ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක් නේ නේද? එහෙම කියන්නේ මම කියන දෙයක් විතරක් නෙවෙයි.... මේ ලොකේ ඉන්න හැම කෙනෙක්ම කියන දෙයක්... ජීවිතයක් ලැබුණු හැම මනුස්සයෙක්ම සතුටෙන් විනෝදෙන් වගේම දුකෙන් කරදරෙනුත් ජීවත් වෙනවා.... සතුටෙන් ජීවත් වෙන්න වගේම අනික් අයත් එක්ක සතුටින් ඉන්නත් හැමෝම කැමතිනේ....

ඒත්........ජීවිත විදින්නේ නැතුව විදවන අයත් ඉන්නවනේ... ජීවිතය කියන එක හැමවෙලේම ඒකාකාරීව තියෙන්නේ නැහැ... එහෙම තියෙනවා නම් මේ ලෝකේ මීට වඩා ගොඩක් වෙනස් වෙයි.... නමුත් හැම කෙනෙක්ගේම හිතේ බලාපොරොත්තු මහා ගොඩක් තියෙනවා.. ඒ බලාපොරොත්තු එක්ක තමයි මිනිස්සු ජීවත් වෙන්නේ..... ඒවා බිදිල ගියාම ගොඩක් අය ජීවිතේ විදවනවා...... ඒත් අපි හිතන පතන දේවල් ඉෂ්ට වෙන්නේ නැම කියල කියන්නත් බැහැ. ඒවා ඉෂ්ට වෙන වෙලාවලුත් තියෙනවා.... අපි කාලයක් තිස්සේ හිතාගෙන බලාපොරොත්තු තියාගෙන හිටපු දෙයක් ඒ විදිහටම ඉෂ්ට උනාම කොච්චර නම් සතුටක් දැනෙනවද නේද..... ඒත් බලාපොරොත්තු වුන දේවල් නොවුනම මිනිස්සු කොච්චර දරැණු තීරණ ගන්නවද... තමන්ටම බැන ගන්නවා....... සමහර වෙලාවට හැමෝම කියන්නේ "මේක නම් මගේ කරැමේ " කියල.. ඉතිං එහෙම කියුවා කියල හැමදෙයක්ම හරියන්නේ නැනේ ................................  
සමහරැ ප්‍රශ්ණවලට ගොඩක් කල්පනාකාරීව හිතල මුහුණ දෙනවා......... නමුත් සමහරැ ප්‍රශ්නේ එන්නත් කලින් ජීවිතෙන් පරාද වෙලා ඉවරයි.... ජීවිතේ විඳිනවා මිසක් විඳවන්න කවුරැත් කැමති නැනේ නේද ?..... ගොඩක් දෙනෙක් ජීවිතය විඳවන්නේ ප්‍රශ්ණ නිසා... පවුල් ප්‍රශ්ණ, රැකියාවේ ප්‍රශ්ණ, විවාහ ජීවිතේ ප්‍රශ්න... ඉගෙනීමේ ප්‍රශ්න............... ප්‍රශ්ණ කිවුවොත් කෝටියක් උනත් කියන්න පුලුවන්.....

ගොඩක් මිනිස්සු තමන්ට තියෙන ප්‍රශ්ණ පිටට පෙන්නන්නේ නැ........ බොහෝම සතුටෙන් ජීවත් වෙනවා...... එත් මේවා දරාගන්න බැරිඋනාම තමන්ගේ ජීවිතෙත් නැති කරගෙන තමයි නවතින්නේ............. මම කියන්නම් එහෙම ඉන්න ගිහිල්ලා මගේ යාලුවෙකුට උනදෙයක්........ මගේ හොද යාලුවෙක් හිටියා...එයා හරිම දක්ෂයි ඉගෙන ගන්න... උසස්පෙළ ගොඩක් හොදට සමත්වෙලා කැම්පස් යන්න තේරැණා... කැම්පස් යනකල් පාඨමාලාවක් කරන්න ගියා.......... නමුත් මෙයාට ඉංග්‍රිසි දැනුම මදි.. ඉවසීමෙන් හිටිය කාටවත් කියන්නේ නැතිව.. පස්සේ දරාගන්න බැරැව සියදිවි නසාගත්තා............ දැන් එහෙම කලා කියල කාටද ලාභයක් උනේ..... එයාගේ දෙමාපියෝ දැනටත් ගොඩක් දුක්වෙනවා.........

 හැමෝටම ජීවිතේ එකම විදිහට විඳින්න බැනේ නේද.... ඒත් පොඩ්ඩක් හරි හිතන්න වෙනවා තමන්ගේ මේ වටිනා ජීවිතේ ගැන.... සමහර වෙලාවට ජීවිතේ එපා උනාම අපි අපිටම බැනගන්නවා.... නමුත් පස්සේ තමන්ම කල්පනා කරල බලපුවාම තේරෙනවා වැඩකට නැති දේකට නේද කලබල උනේ කියල...... අපිට ආදරේ කරන අය ගැන පොඩ්ඩක් හරි හිතල ජීවත් වෙනවා නම් මිනිස්සු තමන්ගේ ජීවිතේ ගැන ගොඩක් බරපතල තීරණ ගන්න එකක් නැතිවෙයි.... ඒ නිසා මම නම් හිතන්නේ මොන කරදරයක් ආවත් බොහෝම කල්පනාවෙන් බාරගෙන විසඳගන්න ඕනි කියල.... අර කථාවකුත් තියෙන්නේ "නැව ගිලුණත් බෑන් චූන් කියල " අන්න ඒ කථාව විශ්වාස කලාට කාටවත් පාඩුවක් වෙන එකක් නැතිවෙයි........


ඒ නිසා හැමෝම ජීවත් වෙන මේ ටික කාලේ ජීවිතේ උපරිමයෙන් විඳින්න................ විඳවන්න එපා.......

 මම මේ ලියුවේ මගේ හිතට ආපු හිතට දැනුනු දේවල්......... ඔයාල දන්න දේවල් හිත දේවල් මීට වඩා ගොඩක් වෙනස් වෙන්න පුලුවන්... ඒ හැම දෙයක්ම මාත් එක්ක බෙදාගන්න කියල මම ආරාධනා කරනවා. එහෙම ලියන හැමදෙයක්ම මම සතුටින් භාරගන්නවා.......................................................                                                                                                                        

        

10 comments:

  1. විඳින්න දුන් ජීවිතය විඳවන අය තමා කොඓ් ගියත් ඉන්නේ. ඔබ කියල තියනවා වගේ පිටතට නොපෙනුනත් හැම දෙනාම වගේ අඩු වැඩි වශයෙන් ජීවිතය විඳවනවා. ඒක ජීවිතයේ හැටි වෙන්න ඇති. දිගටම ලියන්න.

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි............

    ReplyDelete
  3. මන් කියන්නේ විඳින්න බැරිනම් විඳවනවට වඩා හොඳයි ඒක කෙලවර කරනවා

    ReplyDelete
  4. ඒත් තමන්ගේ වටේ ඉන්න අය... තමන්ට ආදරේ කරන අය........ඕක කියන් තරම් ලේසි දෙයක් නෙවෙයි.......

    ReplyDelete
  5. එපාවෙන වෙලාවල් නම් අනන්තයි තමා... ඒත් වටේ ඉන්න ආදරණීයයන් නිසා ඒ එපාවීම් මැකෙනවා... ඒකනෙ 10ට ගනන් කරන්න කියන්නෙ තරහක් ආවම :)

    හපන්කම නම් එපාවීම්, පරාජයවීම්, මැද ඉදිරියට යෑමයි...

    ඔන්න මගෙන් සුභපැතුම්... දිගටම ලියන්න ඕනෙ හොඳේ....

    ReplyDelete
  6. ස්තුතියි අක්කේ......

    ReplyDelete
  7. අම්මෝ.. අපිටත් එපා වෙලා නම් තියනව.. ඒත් මොකක් හරි වාසනාවකට තවමත් ඉන්නව :)

    ReplyDelete
  8. මගෙන් සුභපැතුම්... දිගටම ලියන්න

    ReplyDelete
  9. බොහෝම ස්තුතියි

    ReplyDelete
  10. පැරණි කියමනක් තියෙනවා "ප්‍රශ්ණ යනු ඇතුලෙන් ගමන් කල යුතු උමගක් මිස හිස හප්පා ගත යුතු බිත්තියක් නොවේ" කියලා.

    ReplyDelete